gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය මාර්ග පද්ධතියෙන් 70%ක් අඩපණයි: ‘නුවරට කෝච්චියක් යන්න වසරක්වත් යාවී’

දුම්රිය මාර්ග පද්ධතියෙන් 70%කට දැඩි හානි සිදුව ඇති නිසා විශාල දුම්රිය සංඛ්‍යාවක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) නන්දන ඉදිපොලගේ පවසයි. මේ වන විට හමුදාවේ සහයෝගයෙන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ඔහු සඳහන් කළේ ය.

උඩරට මාර්ගයට දැඩි හානි සිදු වී ඇති බැවින් එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට මාස තුනකට වැඩි කාලයක් ගත විය හැකිය.

මේ වන විට ප්‍රධාන මාර්ගයේ බුත්ගමුව පාලම අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත්, ලබන සතිය වන විට ප්‍රධාන මාර්ගයේ එක් මාර්ගයක් හෝ ප්‍රතිසංස්කරණය කර රඹුක්කන දක්වා දුම්රිය ධාවනය කරවීමට කටයුතු කරගෙන යන බව ද හෙතෙම පැවසීය.

දුම්රිය සාමාන්‍යධිකරිවරයා පැවසුවේ, හානියට පත් ස්ථාන ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත් කරමින් කොටස් වශයෙන් දුම්රිය ධාවනයට පියවර ගන්නා බව ය.

උඩරට මාර්ගයට හා පේරාදෙණිය කළු පාලමට සිදු වී ඇති හානි පිළිබඳව සොයා බැලීමට ඉන්ජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් ඊයේ (දෙසැ. 4) දිනයේ පිටත්ව ගිය බව ද ඔහු සඳහන් කළේ ය.

නාය යෑම්, පස්කඳු කඩා වැටීම් හා ජල ගැලීම් හේතුවෙන් කොළඹට පැමිණීමට නොහැකිව දුම්රිය පද්ධතිය පුරා තැනින් තැන දුම්රිය 30කට අධික ප්‍රමාණයක් හිර වී ඇතැයිද කී ඒ මහතා කොටස් වශයෙන් සකස් කර හිර වී තිබෙන දුම්රියන් එම ස්ථානවලින් ගෙන ධාවනයට එක් කර ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීය.

හිර වී ඇති දුම්රියයන්ගෙන් 20ක් පමණ කාර්යාල හා කාර්යාල වේලාවන්හිදී ධාවනය කෙරෙන බලවේග කට්ටල දුම්රියන් වේ.

එමෙන් ම, ප්‍රධාන මාර්ගයේ, උතුරු හා පුත්තලම යන මාර්ගවල දුම්රිය ස්ථාන ගණනාවක මෙම දුම්රියන් හිර වී ඇත.

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන බොහොමයක් නාය යෑමට ලක්වීමේ හේතුවෙන් එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර කොළඹ සිට මහනුවර බලා දුම්රියක් ධාවනය කිරීමට වසරක කාලයක් ගත විය හැකි බව ප්‍රවාහන මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

පේරාදෙණිය කළු පාලම හා එම දුම්රිය මාර්ගයට සිදුවී ඇති හානිය නිරීක්ෂණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් ඊයේ එහි ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී පාලම අංශක 7කට ඇලවීමෙන් පාලමේ පාදමට හානියක් වී ඇති බව නිරීක්ෂණය වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර සඳහන් කරයි.

ඒ අනුව, මෙම පාලම මතින් දුම්රියක් ධාවනය කළ නොහැකි බව ත් ඒ පිළිබඳව තාක්ෂණික පරීක්ෂණයක් කළ යුතු බව ත් ඒ සඳහා මාසයක් පමණ කාලයක් ගතවනු ඇති බව ත් ඔහු පැවසීය.

එම වාර්තාවෙන් පසුව දිය හැකි විසඳුම තීරණය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි රවින්ද්‍ර පද්මප්‍රිය පැවසීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka