gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජාතිය වෙනුවෙන් දිවි පිදූ ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටිය තනතුරින් උසස් කෙරේ…

විපතට පත් අසරණයින් වෙනුවෙන් කැපවූ මානුෂී ක්‍රියාන්විතය අතර ලුණුවිලදී සිය ජීවිතය     පරිත්‍යාග  සිදු කළ කපිතාන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය  ගෲප් කපිතාන්  තනතුරට උසස් කිරීමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ. සිය  ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබඳව ජාතියේ ඉහළම ගෞරවය මේ විශිෂ්ට මනුෂ්‍යයා වෙත   පිරිනැමීමේ ප්‍රකාශනයක් මෙම උසස්වීම ලබා දීමෙන් සංකේතවත් කෙරේ.

ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සැපයුම් බෙදා හැරීමේ තීරණාත්මක මෙහෙයුමක  නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) බෙල් 212 හෙලිකොප්ටරයට ලුණුවිල පාලම අසල හදිසි ගොඩබෑමක් කිරීමට සිදුවීමත් සමග සති අන්තයේ ඛේදවාචකය දිග හැරුණි.

ගුවන් නියමුවන් දෙදෙනෙකු ඇතුළුව ගුවන් හමුදා නිලධාරීන් පස් දෙනෙකු යානයේ සිටියහ.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව, තුවාල ලැබූ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඉක්මනින් ඉවත් කර මාරවිල මූලික රෝහලට මාරු කරන ලදී. වෛද්‍ය කණ්ඩායම්වල දැඩි උත්සාහයන් ව්‍යවර්ථ කරමින්  නියමු වින්ග් කමාන්ඩර් සියඹලාපිටිය ජීවිතය හැර ගියේය.

නිර්මාල් සියඹලාපිටිය යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි  ඉතා පළපුරුදු ගුවන් නියමුවෙකි.  හේ  සිය කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ පියාසර පැය 3,000 කට වඩා වාර්තා කර ඇත. තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සිදුකළ හදිසි ගොඩබෑමේ දි ඔහුට සිය සහාය නියමුවාගේ සහ කාර්ය මණ්ඩලයේ තිදෙනාගේ ජීවිතය බේරා දුන්නේය.

මේ රූප රාමු අතර අප දුටුවේ ගොඩබිමට ගොඩබැස්සවීමට ඇති සියලුම අවකාශ අහිමි කරමින් කාලකණ්ණි පිරිසක් බිම සිට අනතුරට ලක් වෙමින් ඇති යානය රූ ගත කරමින් සිටින ආකාරය ය.  උන් කිසිම ඉඩක් ලබා නොදුන් අවස්ථාවේ දී නියමුවරයා යානය  ගොඩබැස්වීමට කරන අප්‍රමාණ උත්සාහය ද දක්නට ලැබිණි. අපට හිතුනේ මේ කාලකණ්ණින්ගේ ජීවිත බේරා දීම සඳහා ඔහු මෙම ගොඩබිම් ප්‍රදේශයට යානය ගොඩ බස්වන්නේ නැතිව වෙනත් විකල්ප ස්ථානයක් තෝරාගත් බවය.

සිද්ධිය සම්බන්ධව  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ උපදෙස් පරිදි,   විමර්ශන මණ්ඩලයක් පත් කර ඇත. සිද්ධිය සම්බන්ධ පූර්ණ විමර්ශන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියෝග ලැබී තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka