මැරුනු ගාන ජනපති දන්නවා.. ජනතාව බනී කියා කියන්නෑ..- ජනපතිට කුණුහරුපෙන් ඇමතූ යාළුවා ලන්ඩනයේ සිට
මෙරටට බලපෑ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති කුමාර දිසානායක මහතා ජාතිය ඇමතීමෙන් පසු ජනාධිපතිවරයාගේ මිත්‍රයෙකුට ලෙස සැලකෙන එංගලන්තයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුල සූරිය මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.
එම සටහන ඔස්සේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය අසභ්‍ය වචන ද ඇතුලත් කරමින් විවේචනය කර තිබිණි.
ජනාධිපතිවරයාට දත්ත ප්‍රමාණවත් නැති බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුගේ එම රළු විවේචනය එල්ල වී තිබේ.
කෙසේ වෙතත් ඊට ටික වෙලාවකට පසුව ඔහු යළිත් සටහනක් පළකරමින් සඳහන් කර ඇත්තේ තමන්ට ආණ්ඩුවට ආණ්ඩුවේ හිතවත් සමාජ ජාලා හසුරැවන්නන් විසින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් සිටින බවයි.
තමන් වරදක් නොකියූ බවත් සත්‍ය පෙන්වා දුන් බවත් ඔහු එහිදී තවදුරටත් සඳහන් කර තිබේ.
ඔහු නවතම සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ජධිපතිවරයා පවසන්නේ අසත්‍ය බවත් මියගිය පිරිස් ගැන සත්‍යය ඔහු සතුව ඇත ඇතත් එය නොකියන්නේ කියන්නේ ජනතාව බනී කියා බවත්ය.
මැරුනු ගාන ජනපති දන්නවා.. ජනතාව බනී කියා කියන්නෑ..- ජනපතිට කුණුහරුපෙන් ඇමතූ යාළුවා ලන්ඩනයේ සිට
2025-12-02T13:30:00+05:30
Gossip Lanka Hot News







