පුටින් ජනපති අනුර අමතා ශෝකය පල කරයි…
දිවයින පුරා ජීවිත ගණනාවක් බිලිගනිමින් දැවැන්ත විනාශයක් සිදු කළ බිහිසුණු ගංවතුර සහ නායයෑම් සහිත ව්‍යසනය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය බලවත් ශෝකය පළ කර තිබේ. ජනාධිපති දිසානායක වෙතපණිවිඩයක් යොමු කරමින් රුසියානු ජනාධිපතිවරයා මෙම ඛේදවාචකය පිළිබඳව දැඩි ශෝකය පළ කරන අතරම ගත කරන දුෂ්කර කාලය තුළ සහයෝගීතාවය අවධාරණය කර ඇත.
රුසියානු ජනාධිපතිවරයා මෙම ව්‍යවසනයෙන් මිය ගිය පිරිස්වල පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබ අසනීපවලට ලක් වූ පිරිස් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.
ව්‍යසනයේ තක්සේරුව මෙතෙක් ලැබී නැති අතර ලක්ෂ ගණනක් අවතැන් වී සිටිති. යටිතල පහසුකම් බිහිසුණු ලෙස බිඳ වැටී ඇත. රුසියානු ජනාධිපතිවරයා සිය ශෝකය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා අමතන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර අධාර සඳහා හදිසි ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අවස්ථාවකය.
පුටින් ජනපති අනුර අමතා ශෝකය පල කරයි…
2025-12-02T16:00:00+05:30
Gossip Lanka Hot News






