ගංවතුර සහන දෙන්න ගිය මාලිමා මන්ත‍්‍රීට පහර දෙයි.. ඔහු රෝහලේ...
ගංවතුරින් පීඩාවට පත් ජනතාවට ආහාර බෙදාදීමේ අවස්ථාවකදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුකර තිබේ. කඩුවෙල මහනගර සභා ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරයකුට මෙම පහරදීම සිදුව ඇත්තේ අතුරුගිරිය තුන්අඳහෙන ප්‍රදේශයේදීය.
සිදුවීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් තරුණයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා මේ වන විට හෝමාගම මූලික රෝහලට ඇතුළත් ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.
ගංවතුර සහන දෙන්න ගිය මාලිමා මන්ත‍්‍රීට පහර දෙයි.. ඔහු රෝහලේ...
2025-12-02T09:55:00+05:30
Gossip Lanka Hot News






