gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මැරුණු සෑම පුද්ගලයෙකුටම මෙම ආණ්ඩුව වගකිව යුතුයි.. ගංවතුර විපතට ආණ්ඩුවට එරෙහිව අපරාධ නඩු.. පාස්කු ප‍්‍රහාරයේ චෝදානාමයි...

පූර්ව අනතුරු ඇඟවීම් කර තිබියදීත්, පූර්ව සූදානමකින් තොරව කටයුතු කිරීම නිසා වත්මන් ආණ්ඩුවට එරෙහිව අපරාධ නඩුවක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. 
මැරුණු සෑම පුද්ගලයෙකුටම මෙම ආණ්ඩුව වගකිව යුතු බවට ඔහු චෝදනා කරන අතර, මෙම සිද්ධිය පාස්කු ඉරිදා ප්‍රහාරය තරම්ම අමානුෂ්‍ය බවද පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයාගේ විශ්වාසය වන්නේ මේ වන විට වාර්තා වී ඇති මියගිය ගණන වැරදි බවත්, එය මීට වඩා වැඩි ප්‍රමාණයක් විය යුතු බවත්ය. 

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව, දුර්වලතාවය, උද්දච්චකම, සූදානම් නොවීම සහ තීරණ නොගැනීම් වැනි කාරණා නිසා රටේ මිනිසුන් බර ගානකට මෙලෙස ජීවිත අහිමි වී ඇති බවයි.

මහා පරිමාණ ජලාශ මගින් විදුලි නිෂ්පාදනය, කෘෂිකර්මාන්තයට ජලය ලබා දීම වගේම ගංවතුර පාලනය යන කාර්යයන් තුනම සිදු කරන බව මරික්කාර් මහතා සිහිපත් කළේය. නමුත්, තමාට ලැබුණු ආරංචි අනුව ඉංජිනේරුවන් විසින් වතුර ක්‍රමානුකූලව පිට කරන්නට දැනුම් දී තිබියදීත්, එම උපදෙස් නොපිළිගෙන, තමන්ගේ උද්දච්චකම සහ තකතීරුකම පෙන්නුම් කරමින් එකපාරට වාන්දොරටු ඇරීම නිසා මේසා විශාල අපරාධයක් සිද්ධ වී ඇති බව ඔහු චෝදනා කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka