gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

චාමර ජාතික සංවිධායක කලාට පසු මහ ලේකම් දයාසිරි ලොකු ලෙඩක් අදී...

2025 දෙසැම්බර් 14 වන දින පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ ව්‍යවස්ථාව යළිත් වරක් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිදුකරන ලද්දක් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, නීතීඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂයේ වර්තමාන අර්බුදය සහ නව පත්වීම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කළේය.

පක්ෂයේ අභ්‍යන්තර ගැටලු 2022 මැයි මාසයේදී එවකට පැවති රජයෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමඟ ආරම්භ වූ බව දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් ඒකමතික තීරණයට පිටින් යමින් මන්ත්‍රීවරුන් 9 දෙනෙකු රජයේ තනතුරු භාරගැනීම මෙම අර්බුදයට මුල බව ඔහු සඳහන් කරයි.

පක්ෂයේ නායකත්වය සහ ලේකම් ධූර සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසන්නේ තමා ලේකම් ධූරයෙන් ඉවත් කිරීම නීති විරෝධී බවට අධිකරණ තීන්දු දෙකක් ලැබී තිබියදීත්, පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට කුමන්ත්‍රණකරුවන් ඉඩ ලබා නොදුන් බවය.

වැඩබලන සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතාත්, ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත් පත්ව ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව බවත් මෙම සියලු පත්වීම් ආරම්භයේ සිටම බල රහිත වන බවත් හෙතෙම කියයි.

පක්ෂයේ ලේකම් ධූරය සම්බන්ධ නඩුවේ තීන්දුව දෙසැම්බර් 18 වන දින ලබාදීමට නියමිතව තිබියදී, හදිසියේ කාරක සභාව කැඳවා සභාපතිවරයාගේ බලතල දේශපාලන මණ්ඩලයට පැවරීමට කටයුතු කර ඇති බව ජයසේකර මහතා චෝදනා කරයි. මෙය අධිකරණ තීන්දුවෙන් පසුව ඇතිවිය හැකි තත්ත්වයන් මඟහැරීමට ගත් උත්සාහයක් බව ඔහු පවසයි.

එසේම, තමාට ජාතික සංවිධායක ධූරය භාරගන්නා ලෙස කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවත්, එම තනතුරට චාමර සම්පත් දසනායක මහතා පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂයේ යාන්ත්‍රණය මුළුමනින්ම බිඳ වැටී ඇති බවත්, ග්‍රාමීය මට්ටමේ සමිති හෝ අනුබද්ධ සංවිධාන නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් ඔහු පවසයි. ප්‍රගතිශීලී බලවේග පක්ෂයෙන් ඉවත් වී වෙනත් පක්ෂ කරා විතැන් වී ඇති බව පෙන්වා දෙන ඔහු, මෙවැනි "පැලැස්තර විසඳුම්" මගින් පක්ෂය ගොඩනැගිය නොහැකි බව අවධාරණය කරයි.

අවසාන වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ පක්ෂය තුළ පවතින නීතිමය ගැටලු විසඳා සියලු දෙනා ඒකරාශී වන තෙක් මැතිවරණ කොමිසම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීත්‍යානුකූලව පිළිනොගන්නා බවයි. මෙම තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණවලදී පක්ෂයට බරපතල අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඔහු අනතුරු අඟවා සිටියි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka