gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පියුමි හංසමාලිට අධිචෝදනා..

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තොඩුගල හා කෙටි කලකින් කෝටිපතිනියක වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ගෝමස් යන අය රජයට බදු නොගෙවා පැහැර හැරීමට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකිරීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය.

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගලට හා නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ගෝමස් වග උත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිහාර මහාරච්චි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලි සම්බන්ධයෙන් උද්ධෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

වග උත්තරකරුවන් විසින් 2022 /2023 වර්ෂ සඳහා රුපියල් මිලියන 419ක ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවත් එම බදු මුදල්, දඩ හා පොලිය අය කර ගැනීමට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බවත් පැවසීය.

වග උත්තරකාර තාඹුගල මහතා රුපියල් මිලියන 194 ක බද්දක් සහ ලෝලියා ස්කින් කෙයා පුද්ගලික සමාගමේ හිමිකාරිනී පියුම් හංසමාලි රුපියල් මිලියන 225ක බදු මුදලක් ගෙවීම පැහැර හැරීම වෙනුවෙන් මෙම පැමිණිලි ගොනු කර තිබිණි.

තාඹුගල සහ හංසමාලී යන සැකකරුවන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 186,189 හා 190 වගන්තිය ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් සිදු කිරීම, නිසි පරිදි බදු ෆයිල් පවත්වා ගෙන නොයෑම හා බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම පැමිණිලි දෙක ගොනු කර තිබිණි.

නීතිඥ දිනේෂ් පෙරේරා මහතා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ වග උත්තරකාර හංසමාලි විසින් අදාළ පැමිණිලි වලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකොට ඇතත් එම පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මෙතෙක් නියෝග නිකුත් කර නොමැති බවය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ලබන අප්‍රේල් මස 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

-රෝෂන් තුෂාර
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka