gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා මොරටුව නගරාධිපති ලිංගික අල්ලස් ඉල්ලනවා..- සේවිකාවක් පැමිණිලි දෙකක් දමයි..

මොරටුව මහ නගර සභා වේ නගරාධිපතිවරයා ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවත් එම ලිංගික අල්ලස බලහත්කාරයෙන් ලබා ගැනීමට බලය අයුතු ලෙස යෙදවීමට උත්සාහ කළ බවත් කියමින් නගර සභාවේ සේවිකාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (24දා) පැමිණිලි කර තිබේ.

මේ සමබන්ධයෙන් මොරටුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවද එහි සඳහන් කර ඇත.

කාර්යාල ලිපි ලේඛන රාජකාරියේ නිරතව සිටි තමා නගරාධිපතිවරයාගේ ඉල්ලීම හේතුවෙන් දැඩි ලෙස බියකට හා ලැජ්ජාවට මෙන්ම අසරණභාවයට පත්ව සිටින බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

මාස එකහමාරක කාලයක් තිස්සේ වරින් වර ලිංගික අල්ලස් ඉල්ලූ බවත් එම ඉවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නගරාධිපතිවරයා තමා සමඟ උරණ වී ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ පිහිටි මාතෘ සායනයකට ස්ථාන මාරු කළ බවත් එහි සඳහන් කර ඇත.

නගරාධිපතිවරයාගේ බලය අයුතු ලෙස භාවිත කර මෙම ස්ථාන මාරුව ලබාදී තිබෙන බවත් ඒ සඳහා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශයක් ලබාගෙන නොමැති බවත් සේවිකාව කියා සිටී.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තමාට සාධාරණයක් ඉටු කරන ලෙසට ඇය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

අමින් මධුරංග ගමගේ
මවුබිම
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka