gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති රනිල් හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. ඒ අනුව බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කියා සිටියේ දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර එම රැස්වීමේදී සාකච්ඡා කර තීරණ ගන්නා බවයි.


2003 සහ 2016 වසරවල ඇතිවූ ගංවතුර ව්‍යසනයේදී සහ පශ්චාත් ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව ද වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.

මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka