ආපදා සහන කටයුතුවලට දේශපාලන බලපෑම්… ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත…!
ආපදාවෙන් විපතට පත් වු ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියට දේශපාලන බලපෑම් කිරීම නිසා ග්‍රාම සේවා නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය ස්වාධීනව ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. තව දුරටත් ස්වාධීනව කටයුතු කරන ග්‍රාම නිලධාරීන්ට දේශපාලන බලපෑම් කරන්නේ නම් අකමැත්තෙන් වුව ද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ පවසයි.
රට පුරා ආපදා සහන කටයුතුවල නිරතව සිටින ග්‍රාම නිලධාරීන්ට විවිධ ආකාරයේ දේශපාලන බලපෑම් එල්ලවීම නිසා ඔවුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවට එම සංගමය චෝදනා කරයි.
මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් තම සේවය ස්වාධීනව ඉටුකිරීම සඳහා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ ද ඇතැම් දේශපාලනඥයන් ඒ සඳහා දැඩි බලපෑම් එල්ල කරන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ආපදා සහන කටයුතුවලට දේශපාලන බලපෑම්… ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත…!
2025-12-09T15:18:00+05:30
Gossip Lanka Hot News






