gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව ඉවත් කර අඩි 5000ට උස් ඉඩම් සමාගම්වලට විකුණන්නද හදන්නේ..

රටට ව්‍යසනයක් සිදුවූ අවස්ථාවේ ආණ්ඩුවේ මැදිහත් වීම දුර්වල බවත් ආණ්ඩුව දැන්වත් මේ ප්‍රශ්නය බැරෑරුම්ව ගත යුතු බව ජන අරගල සන්ධානය පවසයි.
ආණ්ඩුව මුලින්ම සිදුකළ යුත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලින් ඉවත් වීම බවත් එම කොන්දේසි තිබෙන තාක් අවතැන්වුණ ජනතාවට සුබසාධන සලසන්න නොහැකි බවත් එම සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පවසයි.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතම මෙසේ ද කියා සිටියේය.

'' වහාම අත්‍යාවශ්‍යය ආහර ඖෂධ සහ පාසල් උපකරණවල බදු ඉවත් කරන්න ඕන. කඳුකර ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කටයුතු කළ යුතුයි. අපි දැක්කා ජනාධිපතිවරයා කියනවා අඩි 5000ට වඩා උස් තැන්වල පදිංචි කරුවන් ඉවත් කරලා නැවත වන වැස්ම ස්ථාපිත කරනවා කියලා. ඒක හොඳ තීරණයක්. 

හැබැයි සුනාමිය වෙලාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කරලා කරපු වැඩේම මෙතනත් කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒ වෙලාවේ වෙරළ ප්‍රදේශවල ජනතාව ඉවත් කරලා ඊටපස්සෙ හෝටල් කාරයෝ ගිහිල්ලා ඒ ඉඩම් අල්ල ගත්තා. 

දැන් කම්පැනි කාරයෝ දාගෙන කමිටුවකුත් හදාගෙන ඉන්න නිසා අපිට පැහැදිලි සැකයක් තියනවා ආණ්ඩුව මේ කඳුකර ඉඩම් සමාගම්වලට විකුණන්න ද සූදානම් වෙන්නේ කියලා. ඒ නිසා මේ නාටකය ඒ විදිහට අවසන් කරන්නෙ නැතුව කඳුකර ඉඩම් නැවත වනාන්තර සඳහා නිදහස් කිරීම කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. 

අනිත් එක තමයි. දමිළ ජනතාව අවුරුදු 200ක් තිස්සේ ජීවත් වෙන්න නිවසක් ඉඩමක් ඉල්ලනවා. අද ඔවුන් තමයි පස් යට වැලලිලා තියෙන්නේ. දැන්වත් ඒ ජනතාවට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ලබා දිය යුතුයි. ඉන්දියාවෙන් සල්ලි දෙනකල් බලාගෙන ඉඳලා ගෙවල් පන්සීය දාහා හදලා හරි යන්නේ නෑ. 

කඩිනමින් ඒ ජනතාව පිළිබඳව කටයුතු කිරීමට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මේ අනතුර නිසා ජනතාවට තමන්ගේ උන්හිටි තැන්, වාහන, රැකියා මේ සියල්ල අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා ලීසිං සඳහා මාස දෙකක සහනයක් දීලා හරි යන්නේ නෑ. අවුරුද්දකවත් සහනයක් ලැබෙන්න ඕන. 

දැන් මේ ව්‍යසනයෙන් මුළු රටක් හිරිවැටිලා ඉන්න වෙලාවේ ආපදා ධනවාදය වේගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා. ඒ නිසා මේ ව්‍යසනයෙන් වාසි ගන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. අනිත් එක තමයි ඔබේ ජීවිත මෙතරම් විනාශයකට ඇදලා දාපු මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය දැන්වත් අවසන් කරන්න ඕන. අපේ රටේ කඳු ටික, ගඟා ඇළවල් මේ සියල්ල සූරාකමින් ලාභ කඳු ගොඩ ගහන කම්පැනි කාරයන්ගෙන් මේ රටේ පරිසර පද්ධතිය මුදාගන්න ඕන. 

- අශිකා ජයවීර
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka