gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වෛද්‍යවරියක දූෂණය කළැයි කී සිද්ධිය වාර්තා කළ මාධ්‍ය ගැන විමර්ශන අවසන් කරන්න අධිකරණය දිනදෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රවෘත්ති වාර්තා කළ මෙරට සියලු මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදු කරන බව කියන විමර්ශන 2026 වසරේ පෙබරවාරි මස 24 දින වන විට අවසන් කර අධිකරණයට දැනුම් දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අනුරාධපුර පොලිසියට නියෝග කළේය.

මෙහිදි විද්යුත් මාධ්‍ය ජාලයක් වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීවන්ත ජයතිලක පැවසුවේ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට දින අයදිමින් සරළ සිද්ධියක් විමර්ශනය කිරීමට පොලිසිය මේ වන විට මාස අටකට අධික කාලයක් ලබා ගෙන ඇති බවයි. 

මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශන සිදු කිරීමේදී පොලිසිය යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ පුවත් පත් මණ්ඩල ආචාරධර්ම පද්ධතිය මගින් තහවුරු කර ඇති මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ හොත් ඊට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද නීතිඥවරයා අනතුරු හැඟවීය. 

නීතිඥවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහල් පුහුණු විශේෂඥ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති පළ කිරීම නිසා එම වෛද්‍යවරියට අගතියක් සිදුව ඇති බව පවසමින් පොලිසිය අධිකරණයට කර තිබු කරුණු වාර්තා කිරීමට සබැඳි නීති කෘත්‍ය යළි කැඳවූ අවස්ථාවේදීය.

වැඩිදුර වාර්තාවක් මගින් පොලිසිය දැනුම් දුන්නේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ කළ සියලුම මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි. 

ප්‍රශ්න ගත ප්‍රවෘත්තිය වාර්තා කළ අධිකරණ මාධ්‍යවේදි උපාලි ආනන්ද වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න සිය මූලික කරුණු දැක්වීම්වලදී පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේ වෛද්‍යවරියගේ සිද්ධියට අදාළ ප්‍රවෘත්ති වාර්තා කළ අධිකරණ වාර්තාකරු කැඳවා එම ප්‍රවෘත්ති වාර්තා කිරීමට අදාළ තොරතුරු මූලාශ්‍ර ලබා ගත්තේ කෙසේද? සහ තොරතුරු මූලාශ ලබා දුන්නේ කවුරුන්ද? යන්න ප්‍රශ්න කළේ නීතියේ කුමණ වගන්තිය යටතේද? යන්නයි. 

මෙම ප්‍රශ්න කිරීම තුළින් පොලිසිය, ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් සහ පුවත්පත් කලාවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියෙන් තහවුරු කර ඇති මාධ්‍ය නිදහස සහ මාධ්‍ය අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවටද නීතිඥවරයා චෝදනා කළේය. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රවෘත්ති මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නිසා තමාට අගතියක් සිදුව ඇති බවට මේ දක්වා වින්දිත වෛද්‍යවරිය පොලිසියට පැමිණිලි කර නැති බවද කියා සිටි නීතිඥවරයා අවම වශයෙන් ප්‍රකාශයක්වත් ලබා ගෙන නැති බවද කීය.

මෙහිදී විද්යුත් මාධ්‍ය ජාලයක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීවන්ත ජයතිලක සමග නීතිඥවරුන් වන රලිත අමරසේන සහ ඉඳුනිල් හෙට්ටිආරච්චි සහ ගිම්හාන් ජාගොඩආරච්චි පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර පොලිසියේ සැරයන් ඉලංගසිංහ සහ කොස්තාපල් රත්නායක පෙනී සිටියේය. 

මේ අතර මෙම විමර්ශන අත් හිටුවන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර මහාධිකරණය ප්‍රශ්න ගත ප්‍රවෘත්තිය විකාශනය කළ මාධ්‍ය ආයතනය හෝ වාර්තා කළ මාධ්‍යවේදියා මෙතෙක් සැකකරුවන් ලෙස නම් කර නැති පසුබිමක විමර්ශන අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවට තීන්දු කළේය.

(අරුණ)
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka