gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කැළණි වේල්ල පිටාර ආසන්නයි.. ජල කාන්දු වහන්න වැලි කොට්ට ගහයි.. සූදානමින් ඉන්නැයි දන්වයි..

කැළණි ගඟේ පහත් බිම්වල ජනතාවට වහා ඉන් ඉවත්වන ලෙස පොලිසිය විසින් අද අලුයම් කාලයේ දැනුම් දී තිබේ.
ඒ කැළණි ගඟේ ජලය ඉහළ යාම සමග කැළණි වේල්ල මතින් පිටාර ගැලීමට ආසන්න මට්ටමේ පවතින හේතුව මතයි. කැලණි වේල්ලේ ස්ථාන කිහිපයකින් දිය කාන්දු ඇති වූ නිසා එම ස්ථානවලට වැලි කොට්ට දමා සකස් කිරීමටද කටයුතු කර තිබේ.

මේ වන විට නාගලගම් විදිය ජල මාපකයේ අඩි 8.35 ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් තවදුරටත් ජලය මටම වැඩි වීමක් සිදු නොවනු ඇති බවත් කැළණි පන්සල ආසන්නයේ පිහිටි වේල්ලේ ගංවතුර මට්ටමද මේ වන විට සැලසුම් කරන ලද උපරිම මට්ටමට ළඟාවී ඇති බවද දෙපාර්තමේන්තුව කියා සිටී.

කෙසේ වෙතත් යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුම් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන නිසා නිවේදන ගැන අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka