gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය වගේමයි… කාලගුණ අනතුර ගැන දෙසතියකට කලින් දැනුම් දීලා…!

අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් රට තුළ ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සති දෙකකට පමණ අනතුරු අඟවා තිබේ. වායුගෝලයේ වෙනස්වීම් මත කැලඹිලි ස්වභාවයන් ඉස්මතු වන බවටත් ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් නිරීක්ෂණය වන බවටත් ඔහු නොවැම්බර් 12 වැනිදා දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනකට සහභාගිවෙමින් අනතුරු අඟවා ඇත.

තව ද පහළ වායුගෝලයේ මෙලෙස කැලඹෙන ස්වභාවයක් ඉස්මතුවී තිබෙන බවත් එය හොඳින් නිරීක්ෂණය වන බවත් කී හෙතෙම එවැනි තත්ත්වයක් මත වර්ෂාපතනයේ ඉහළ යාමක් අනිවාර්යයෙන්ම සිදුවන බවද නොවැම්බර් 14 වැනිදායින් පසු දින කිහිපයේදී දැනට පවතින වර්ෂාපතනයේ රටාව වෙනස් වන බවද හෙතෙම පැවසීය.

එමෙන්ම සුළි කුණාටුවක් එකවර ඇති නොවන බැවින් කැලඹිලි ස්වභාවය වර්ධනය වීමෙන් පසුව එවැනි තත්ත්වයක් උද්ගත වන බවත් ඒ සමග එහි ගමන් මාර්ගය තීරණය වන බවද ඔහු එහිදී කීවේය.

තමාට ඇති අත්දැකීම් අනුව මෙම කැලඹිලි ස්වාභාවය අඩු පීඩන කලාප, පීඩන අවපාත මට්ටමට යාහැකි බවත් සුළි කුණාටු යන වචනය දැන්මම තමා භාවිත නොකරන බවත් කී හෙතෙම කෙසේ නමුත් මෙම කලාපය මෙරට තිබෙන කාලගුණික තත්ත්වය එවකට පැවැති තත්ත්වයට වඩා වෙනසක් සිදුවන බවත් ඉකුත් 12 වැනිදා පවසා සිටියේය.

තවද මෙම වර්ෂාපතන තත්ත්වය සම්බන්ධව සැලකිලිමත් වියයුතු බවද ඔහු එදින අවධාරණය කළේය.
උපුටා ගැනීම -emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka