gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුණාටු ආපදාව ගැන කියන්න ආණ්ඩුවේ කිසිවෙකු 360ට එන්න බෑ කීවා.. කාර්ය බහුලයි කීවා..- කලිදු

දෙරණ 360 වැඩසටහන සංවාදයේදී මාධ්‍යවේදී කළිඳු කරුණාරත්න මහතා පසුගිය සතියේ වැඩසටහන පැවැත්වූ ආකාරය සහ ආණ්ඩුවේ පාර්ශ්වය මෙම සතියේ සහභාගී නොවීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.
ආපදාවෙන් පසු පළමු සංවාදය සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයට කැඳවීමක් සිදු කළ යුතු බවට විශ්වාස කළ බව මාධ්‍යවේදියා පැවසීය. ඒ හරහා පවතින තත්ත්වය ඉදිරියේ ගන්නා තීන්දු තීරණ පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න විමසීමට හැකියාව ලැබෙන බවට විශ්වාස කළ බවත් ඔහු සඳහන් කළේය.

මෙම සතියේ සිට නැවතත් සුපුරුදු ආකෘතියට මුහුණට මුහුණ සංවාදයක් ලෙස 360 වැඩසටහන ආරම්භ කරන විට, 

ආණ්ඩුව පාර්ශ්වය සමග සන්නිවේදනයක සිටිමින් ඔවුන්ට අවශ්‍ය ඇරයුම් සිදු කළද, ඔවුන්ගේ ස්ථාවරය වූයේ පවතින ආපදා කළමනාකරණ තත්ත්වය මත විශේෂයෙන්ම පවතින කාර්ය බහුලත්වයත් මත අපදා කල්පනාකාරීත්වයට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතු නිසා මෙම සතියේ වැඩසටහනට සහභාගී නොවන බවය. 

කෙසේ වෙතත්, ඉදිරියේදී 360 වැඩසටහනට ආණ්ඩුවේ නියෝජනයක් සහභාගී වන බවට ඔවුන්ගේ ස්ථාවරය වූ බව කළිඳු කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව, ආණ්ඩුවේ පාර්ශ්වය සහභාගී නොවීම හේතුවෙන්, විපක්ෂයේ නියෝජිතයෙක්ට 360 වැඩසටහන සඳහා ආරාධනා කිරීමට තීරණය කළ බවද වැඩසටහන ආරම්භයේදී පැහැදිලි කෙරිණි

පසුගිය දෙරණ 360 වැඩසටහන ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ සම්බන්ධ කරගෙන පවතින තත්ත්වය පිළිබඳව ජනතාවට නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට වෙන් කළ බව ඔහු පැහැදිලි කළේය. සාමාන්‍යයෙන් වැඩසටහනේ ආකෘතිය නොවූවත්, වැඩසටහන් ආකෘතියෙන් පිටතට යමින් පවා, මුහුණට මුහුණ ප්‍රශ්න විමසනවා වෙනුවට, පවතින තත්ත්වය පිළිබඳව ජනතාවට දැනුම් දීම සඳහා ගුවන් කාලය යොදා ගැනීමට තීරණය කළ බව සඳහන් විය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka