බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් ආපදා අරමුදලට කෝටි 25ක්
බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වයට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිහිටුවා ඇති රජයේ අරමුදලට රුපියල් කෝටි 25ක මුදලක් ඊයේ (08) පරිත්‍යාග කළ අතර එම පදනම වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම මුදල අගමැතිනි අචාර්ය හරිනි අමරසූරිය වෙත ලබා දුන්නාය. මෙම පදනමේ සභාපතිනිය වූ හිටපු ජනපතිය එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය සමඟ ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ එම අධාර මුදල ලබා දුන්නාය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් ආපදා අරමුදලට කෝටි 25ක්
2025-12-09T09:30:00+05:30
Gossip Lanka Hot News







