සෞදි අරාබියේදී මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී ඉන්දියානුවන් 42ක් මරුට.. (Video)
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42දෙනෙකු මිය ගොස් තිබේ. අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී, ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
බස් රථයේ සිටි පිරිසට පිටතට පැමිණීමට නොහැකි වී ඇති අතර ඉන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණී.
මියගිය පිරිස අතර වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ දරුවන් වන අතර ඔවුන්ගේ මෘත දේහයන් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම පිරිස ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සිට පැමිණි පිරිසක් බවද සඳහන් වේ.
සෞදි අරාබියේදී මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී ඉන්දියානුවන් 42ක් මරුට.. (Video)
2025-11-17T13:14:00+05:30
Gossip Lanka Hot News





