සෞඛ්‍ය සේවය කොට උඩ… සෞඛ්‍ය ඇමති උපන් රෝහලත් වැහෙන ලකුණු…!
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉපදුණු පිඹුර මූලික රෝහල වැසී යෑමේ තර්ජනයක් මතුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇමතිවරයාගේ ඡන්ද බලප්‍රදේශය වන අගලවත්ත, පිඹුර රෝහලේ මේ වන විටත් වෛද්‍ය සේවාවන් ගණනාවක් ම නතර කර දැමීමට පසුගිය දා පැවති කළමනාකරණ කමිටුවේදී තීරණය වී ඇත.රෝහලේ පවතින උග්‍ර හෙද හිඟය හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇතැයි ද වාර්තා වේ.
රෝහලේ වාට්ටු 5ක් මෙන් ම ඇඳන් 5කින් යුතු සූක්ෂ්ම ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 16කින් යුතු මූලික ප්‍රතිකාර ඒකකයක් සහ තවත් සායන ගණනාවක් සහ බාහිර රෝගී අංශය පවත්වාගෙන යෑමට සිදුව ඇත්තේ හෙද නිලධාරීන් 33 දෙනෙකුගෙන් පමණක් බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව ත් සඳහන් වේ.
සති දෙකක් තුළ හෙද හිඟයට පැහැදිලි විසඳුමක් ලබා දෙන තෙක් රෝහලේ ඇතැම් සේවාවන් සීමා කිරීමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.
සෞඛ්‍ය සේවය කොට උඩ… සෞඛ්‍ය ඇමති උපන් රෝහලත් වැහෙන ලකුණු…!
2025-11-17T14:35:00+05:30
Gossip Lanka Hot News





