තිරිකුණාමලේ පන්සලේ බුදු පිළිමය ඉවත් කළේ ආරක්ෂාවට… පිළිමය ආරක්ෂිතව අද තැන්පත් කරනවා…! – ඇමති ආනන්ද විජේපාල… (බලන්නම ඕනේ වීඩියෝවක් සමග)
ඊයේ (16) රාත්‍රියේ තිරිකුණාමල ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ එහි ආරක්ෂාව සඳහා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි. කිසියම් පිරිසක් මෙම බුදු පිළිමයට හානි කිරීමට සූදානම් වන බවට පොලිසියට ලැබුණු තොරතුරු මත එම ප්‍රතිමාව ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවයි, අද (17) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශ කරමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ.
අද එම ස්ථානයට අවශ්‍ය ආරක්ෂාව ලබා දී බුද්ධ ප්‍රතිමාව නැවත තැන්පත් කිරීමට කටයුතු කරන බව ද ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.
කෙසේ වුව ද ඊයේ රාත්‍රියේ ඇති වූ සිදුවීම අතරතුර තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ නමක් රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වෙයි.
මේ සම්බන්දයෙන් අදහස් දවමින් ප්‍රදේශවාසීන් සඳහන් කලේ ආරක්ෂාව සැපයීමට අවශ්‍ය නම් විහාරස්තානයට පොලිස් ආරක්ෂාව දෙනවා වෙනුවට විහාරස්තානයට පැන බුදු පිළිම උස්සාගෙන නොයා යුතු බවයි.
පහත දැක්වෙන්නේ එම අවස්තාවේ වීඩියෝ දර්ශනයක් වන අතර මෙම වීඩියෝවට අනුව පොලිස් ඇමති වරයාගේ ප්‍රකාශය පිළිගත හැකිද ?
තිරිකුණාමලේ පන්සලේ බුදු පිළිමය ඉවත් කළේ ආරක්ෂාවට… පිළිමය ආරක්ෂිතව අද තැන්පත් කරනවා…! – ඇමති ආනන්ද විජේපාල… (බලන්නම ඕනේ වීඩියෝවක් සමග)
2025-11-17T12:40:00+05:30
Gossip Lanka Hot News





