Boss ෂර්ට් එක ඇන්දට, Paco Rabanne සෙන්ට් ගැහුවට, රටේ ජනතාව අමතක කරන්න එපා - සජිත් ප්‍රේමදාස
වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘කියන කියන ආකාරයෙන් නටන’ තත්ත්වයට පැමිණ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව, 2026 වසරේ අයවැය සකස් කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බවයි ඊයේ (11) අයවැය විවාදයට එක් වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
වත්මන් ආණ්ඩුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මැතිවරණ තුනකදී රැවටීමට ලක් කර ඇති බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.
විරැකියාවට, ඖෂධ හිඟයට, රෝහල්වල උපකරණ හිඟයට මෙවර අයවැයෙන් ලැබී ඇති විසඳුම කුමක්ද යන්න විමසා සිටින බවත්, වත්මන් ආණ්ඩුව යන්නේද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගිය අඩිපාරේම බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
නිර්ධන පන්තිය නියෝජනය කරන වත්මන් ආණ්ඩුවේ ‘ශූරයින් ටිකට’ සාමාන්‍ය ජනතාවගේ දුක අමතක වී ඇති බවත්, Boss සන්නාමයේ කමිස ඇන්ද පලියට හෝ Paco Rabanne විලවුන් භාවිතා කළ පලියට රටේ ජනතාව අමතක නොකරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Boss ෂර්ට් එක ඇන්දට, Paco Rabanne සෙන්ට් ගැහුවට, රටේ ජනතාව අමතක කරන්න එපා - සජිත් ප්‍රේමදාස
2025-11-12T08:04:00+05:30
Gossip Lanka Hot News






