ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට!
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (12) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍ය ධුරය දැරූ සමයේ, එම අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවල සේවකයින් සඳහා වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීමේදී, නීත්‍යානුකූල නොවන අයුරින් තැරැව්කාර සමාගමක් පත් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
එම තැරැව්කාර සමාගම වෙත, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් දහස් අටසිය විසි අටක (රු. 4,750,828) කොමිස් මුදලක් ගෙවීමට සැලැස්වීම තුළින් අයුතු වාසියක් ලබා දීම සහ එමගින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පාඩුවක් සිදු කිරීම යන චෝදනා මත හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් ප්‍රසන්න රණතුංග මහතා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට!
2025-11-12T14:24:00+05:30
Gossip Lanka Hot News






