gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු විමර්ශණ නොමග යැවූ බවට චෝදනා ලැබූ කර්නල් මද්දුමගේ අත්අඩංගුවට ගැනීම තවදුරටත් පමා කරයි

වවුනතීව් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඝාතනය සම්බන්ධයෙන්, සහරාන් හෂීම්ගේ කණ්ඩායමට වාසි සැලසෙන පරිදි පරීක්ෂණ නොමග යැවූ බවට චෝදනා එල්ල වී සිටින, යුද හමුදා බුද්ධි අංශයේ 3 වන බලකායේ හිටපු අණදෙන නිලධාරී කර්නල් කැලුම් ශ්‍රීපති මද්දුමගේ අත්අඩංගුවට ගැනීම වළක්වමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය, 2026 ජනවාරි 29 වන දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (11) නියෝග කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන නව විමර්ශන යටතේ මෙම හමුදා නිලධාරියා පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මක වේ. 2018 නොවැම්බර් මස වවුනතීව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සහරාන්ගේ කණ්ඩායම සම්බන්ධ බවට ඝාතනය සිදුවූ දිනයේම තොරතුරු ලැබී තිබියදීත්, එම ඝාතන කොටි සංවිධානය විසින් සිදුකළ බවට ව්‍යාජ වාර්තා සපයමින් පරීක්ෂණ නොමග යැවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර්නල් මද්දුමගේට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

මෙම පරීක්ෂණයට අදාළව බුද්ධි අංශ සමඟ කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති පසුබිමක, තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා කර්නල් මද්දුමගේ විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සමට අනුව, නීතිපති උපදෙස් නොමැතිව ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ සලකා බැලුණු අතර, පෙත්සම්කාර කර්නල්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙනී සිටියේය. මඩකලපුව දිස්ත්‍රික්කයේ බුද්ධි මෙහෙයුම් භාරව සිටි සිය සේවාදායකයා, දැනට දියතලාව යුද හමුදා පුහුණු විද්‍යාලයේ සේවය කරන බවත්, මෙම පෙත්සම ගොනු කළේ පරීක්ෂණවලට බාධා කිරීමේ අරමුණින් නොව, අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් පමණක් බවත් ඔහු අධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය, මෙම පරීක්ෂණයට අදාළ සම්පූර්ණ වාර්තා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවත් අධිකරණයට දැනුම් දුන්නාය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, අදාළ අතුරු තහනම් නියෝගය දීර්ඝ කරමින්, පෙත්සම 2026 ජනවාරි 29 වන දා නැවත කැඳවීමට නියෝග කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka