gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ මොළකරුවන් කිසිවෙක් අතාරින්නේ නෑ... මෝදිගෙන් සැර ප්‍රකාශයක්!

නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

රතු බලකොටුව ආසන්නයේ සිදුකළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරු මේ වනවිට හදුනාගෙන ඇති අතර ප්‍රහාරය සම්බන්ධව වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මෙම ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනාම අත්හරින්නේ නැති බවත් සියල්ලන්ම නීතිය හමුවට පමුණුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ,

“මම අද මෙහෙ ආවේ ශෝකයෙන් බරවූ හදවතක් ඇතිව. දිල්ලියේ ඊයේ සවස සිදුවූ භයානක සිදුවීමෙන් අපි සියල්ලන්ම කම්පාවට පත්ව සිටින්නේ. මෙම සියලු විමර්ශන කණ්ඩායම් සමඟ කතා කළා.

අපේ ආයතන මේ කුමන්ත්‍රණයේ ගැඹුරටම සොයා බලයි. මේ පිටුපස සිටින මහ මොළකරුවන් කිසිවෙකුත් අපි අත්හරින්නේ නැහැ. සියල්ලන්ම අපි නීතිය හමුවට පමුණුවනවා”

භූතානයේ නිල සංචාරයක් සඳහා එක්වෙමින් ඉන්දීය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ බව සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka