ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙලකපා ඝාතනය කරයි.
ඊශ්‍රායලයේ සේවය කරමින් සිටි 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙල කපා ඝාතනය කොට ඇතැයි වාර්තා වේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ, බටපොළ, දොරළ, කොණ්ඩගල ප්‍රදේශයේ පදිංචිව සිටි කොත්තිගොඩ තරිඳු ශානක නම් 38 හැවිරිදි දෙදරු පියෙක් බවට කරුණු අනාවරණය වී ඇත. "ගුරා" ශානක යන ආදරණීය නාමයෙන් හඳුන්වනු ලබනවා යැයි කියන මොහු වාර්තාවන අන්දමට මත්පැන් සාදයක දී ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාම ඝාතනයට හේතු වී ඇතැයි ද වාර්තා වේ
අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයෙකු තියුණු ආයුධයකින් මෙම ඝාතනය සිදුකර හිස කඳෙන් වෙන්කොට හිස ද රැගෙන ගොස් ඇති බවට එරට පොලිසිය කරුණු අනාවරණය කර ඇති බවට සඳහන් වෙයි.
ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙලකපා ඝාතනය කරයි.
2025-11-14T22:34:00+05:30
Gossip Lanka Hot News





