gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කෙහෙළිය ගෙන්වූ ඇස් බෙහෙතින් ඇස් අන්ධ වෙලා නෑ..- සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දේ!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැල්ල පාලන කාලයේදී මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීම නිසා දිවියන පුරා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයකට සදාකාලික හා තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ අතර විටින් විට එම රෝගීන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් විවිධ පැමිණිලි සහ උද්ඝෝෂණ පවා පවත්වන ලදී. 

මේ අතර ඇස් ආබාධ තත්ත්වයට පත් රෝගීන් 17 දෙනෙකුට පමණක් වර්තමාන රජය වන්දි ප්‍රධානයට කටයුතු කළ අතර ඉතිරි රෝගීන් දිගින් දිගටම තමන්ට අසාධාරණයක් සිදුවූ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කරන ලදී. 

මේ සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා 13/11/2025 දිනැතිව ඉහත අක්ෂ දියරයේ නිසා ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ලෙනින් නිරෝෂන් මහතා වෙත ලිපියක් යවමින් ඉහත සඳහන් අක්ෂි දියරය භාවිතා කිරීම ඔහුගේ දෘෂ්ටිආබාධයට හේතුවක් නොවන බව සඳහන් කොට ඇත. 

මේ සම්බන්ධව අදාළ රෝගියා හා ඔහුගේ ඥාතීන් දැඩි ලෙස විමතියට පත්වන අතර කොළඹ ජාතික අක්‍ෂි රෝහලේදී අදාළ ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව තමාගේ ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ බවට වෛද්‍ය වාර්තා ඇති බවත් ඉන් අනතුරුව තම පුද්ගලික වියදමින් ඉන්දියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙවැනි ලිපියක් නිකුත් වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවද ඥාතීහු පවසති. 

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා  සඳහන් කළේ මෙම අක්ෂ දියරය ගෙනෙන ලද සමාගමට එරෙහිව මේ දක්වා අධිකරණය හමුවේ නිත්‍යානුකූලව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී නැති බවයි. මේ බව අවසාන වරට නිකුත් වූ විගණන  වාර්තාවෙන්ද තහවුරු වී ඇති අතර මෙම සමාගමට එරෙහිව අධිකරණය කටයුතු ක්‍රියාත්මක කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන මැලිකම ප්‍රශ්න සහගත බවද සඳහන් කළේය.

ඇස් ආබාධ තත්ත්වයට පත් වූ අනෙකුත් රෝගීන් වෙනුවෙන් තමන් අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka