gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

එදා මර්දන නීතිවලට එරෙහිව අය අද අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුව මර්දනයේ අවියක් කරගෙන...

අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම අපරාධ පරීක්ශණ දෙපා‍ර්තමේන්තුවට  කැඳවීම යනු සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු හැඟවීමක් හා මර්දනය කිරීමට සැරසෙන බවක් තමන් දකිනා බවත් මෙසේ මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මර්දන නීතිවලට එරෙහිව සටන් කලා යැයි කියන  දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දකින  බව නාමල් රාජපක්ෂ පැවසීය.

පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක්  මහින්ද ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත් පතේ පළකිරීම නිසා මෙලෙස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.මුලින්ම පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමකින් තොරව මෙසේ අයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම මෙම ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් නව නාමල් රාජපක්ෂ පැවසීය.

මේ අනුව තමා මාධ්‍ය මර්දනය හෙළා දකින බවත් මෙසේ මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීම  අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම ඉතා කණගාටුදායක බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත්  පැවසීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka