gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වරෙන්තු මන්ත‍්‍රී පොලිස් නිලධාරියෙක් බොනට්ටුවේ තබාගෙන අණ නොතකා බලා යයි

දෙල්වල පොලිස් ස්ථානයට අනියුක්ත නිලධාරියෙකු රාජකාරී අතරතුරදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වරෙන්තු ලබා ඇති සැකකරුවෙකු සිටි බවට හෙළි වූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත. 

පරීක්ෂා කිරීම සඳහා නවතා තිබූ රථය, පොලිස් නියෝග නොතකා වහාම ධාවනය කිරීමට උත්සාහ කිරීමත් සමඟ රථය නතර කර ගැනීම සඳහා, එක් පොලිස් කොස්තාපල්වරයෙක් එය ඉදිරිපස බොනට්ටුව මතට පැන එල්ලී සිට ඇත. 

පොලිස් නිලධාරියා එලෙස එල්ලී සිටියදී පවා රථය නතර නොකළ රියදුරු, ඔහු සමඟ කිලෝමීටර එකහමාරක පමණ දුරක් ධාවනය කර ඇත.

අවසානයේදී එම නිලධාරියා මෝටර් රථයෙන් බිමට ඇද වැටී ඇති අතර, බරපතල තුවාල ලැබීම හේතුවෙන් ඔහු වහාම රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුකළ මෝටර් රථය පදවාගෙන ගිය පුද්ගලයා, පසුව එය අතුරු මාර්ගයක දමා පලා ගොස් ඇති බවට පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

 තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට රෝහලෙහි ප්‍රතිකාර ලබන බව දෙල්වල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මෝටර් රථය නිවිතිගල ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරයකුට අයත් එකක් බවත් වරෙන්තුව පැවතී ඇත්තේ ඔහුට බවත් පැවසෙයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka