gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙල්බද්දර පත්මේට තවත් ජනප්‍රිය නිළියක් ඔහුට කළ ආරාධනාවක් ගැන හෙළි කරයි

දරුණු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පිරිසක් ශ්‍රී රැගෙන ඒම සිදුවූ අතර මේ වන විට ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.

එම ප්‍රශ්න කිරීම් හමුවේදී කෙහෙල්බද්දර පත්මේ සුවිශේෂී කරුණු රැසක් අනාවරණය කර තිබේ. ඒ අනුව ඔහු ඩුබායි රාජ්‍යයේ පැවැති අවුරුදු උත්සවයකට සහභාගී වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නළු නිළියන් රැසක් සහභාගී වූ බව සඳහන් කරයි.

ඔහු මෙම අවස්ථාවට සහභාගී වී තිබෙන්නේ දක්ෂ ප්‍රකට ව්‍යාපාරිකයකු ලෙසිනි.එම නිසාම එම අවුරුදු උත්සවයට සහභාගී වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඔහුට චිත්‍රපටයකට රඟපෑමට ආරාධනා කර ඇතැයි ඔහු සඳහන් කරයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔහුට පිරිනැමීමට ඇය සූදානම් බවත් ඔහුට චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට හැකිද යන්න පිළිබඳව විමසා ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඇය නිතර ඩුබායි රාජ්‍ය වෙත පැමිණෙන රංගන ශිල්පිනියක් වන අතර ඇය සමග සිටි බොහෝ දෙනෙක් ඔහු සමග ඡායාරූපගත් බවද සඳහන් කරයි.

මීට අමතරව මේ වන විට අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මෙම නිළිය කැඳවා ප්‍රශ්න කර නොමැති බවද සඳහන් වේ. අවසානයේ පද්මේ සඳහන් කර තිබුණේ මෙම නිළියන් තමා කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස සිතා මේ ආකාරයෙන් ඔහු සමග සමීපව කතාබහ කර බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka