gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාව සමග ETCA ඉදිරියට ගෙන යාමට අප කැපවෙනවා..- වසන්න

ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ඉදිරියට රැගෙන යාමට වර්තමාන රජය කැපවී සිටින බව වෙළඳ, සමුපකාර හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වන කවර හෝ අනාගත මැදිහත්වීමක් දැනුවත්ව, උපායමාර්ග පෙළගැස්මක් සහිතව හා ජාතික වශයෙන් සිදු කරනු ලැබීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම උපායමාර්ගික අවශ්‍යතා සම්පූර්ණ කිරීම උදෙසා අමාත්‍ය මණ්ඩලය විසින් ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ පවතින සියලු නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමයි.

එම සමාලෝචනයෙන් අනතුරුව, ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ඇතුළුව අනාගත වෙළඳ ගිවිසුම් සඳහා උපාය මාර්ගික දිශානතිය, ප්‍රමුඛතා සහ රාමුවක් පිළිබඳ පැහැදිලි නිර්දේශ සැපයීම පිණිස මෙම කමිටුව කටයුතු කරනු ඇත.

අමාත්‍ය සමරසිංහ මහතා සඳහන් කළේ, එම කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව, ප්‍රධාන සාකච්ඡාකරුවන් පත් කිරීම හා විස්තරාත්මක සාකච්ඡා විධිවිධාන ස්ථාපිත කිරීම අවසන් කරනු ලබන බවයි.

මෙම ප්‍රවේශය මගින් පැහැදිලි අරමුණක් හා පොදු ජාතික ස්ථාවරයක් සහිතව ශ්‍රී ලංකාව මීළඟ සාකච්ඡා වටයට එළඹීම තහවුරු කරනු ඇතැයිද ඔහු පැවසුවේය.

ඒ අනුව, එකී කමිටුව මගින් සපයනු ලබන මග පෙන්වීම් මත පදනම්ව රජය විසින් ඉන්දියාව ඇතුළුව අපගේ ද්විපාර්ශ්වික වෙළඳ සහකරුවන් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා මුලපුරා යළි ආරම්භ කිරීමට රජයේ අදහසයි.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka