මඩකලපුව පුරාවිද්‍යා නාම පුවරු ගැලවූ සැකකරුවෙක් අත්අඩංගුවට.. වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රදේශයෙන් පලා ගිහින්..
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාම පුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
සිද්ධියට සම්බන්ධ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු සොයා පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන සිදු කරමින් පවතින බවද සඳහන්.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුණු කරමින් පසුගිය නොවැම්බර් 03 වැනිදා දිශා පුවරු සහ සංඥා පුවරු සවිකර ඇති අතර, පසුගිය 22 වැනිදා යම් පිරිසක් විසින් ඒවා ගලවා දැමීමට කටයුතු කර තිබුණා.
මඩකලපුව පුරාවිද්‍යා නාම පුවරු ගැලවූ සැකකරුවෙක් අත්අඩංගුවට.. වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රදේශයෙන් පලා ගිහින්..
2025-11-24T20:21:00+05:30
Gossip Lanka Hot News






