සාලිය යූටියුබ් එකෙන් ලිංගික අඩන්තේට්ටම් කළ බවට පැමිණිළි තියෙනවා – CID
යූ ටියුබ් වීඩියෝවක් මගින් ලිංගික අඩන්තේට්ටම් කර ඇතැයි කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සාලිය ටී. රණවක නමැත්තා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (03) නියෝග කළේ ය.
සැකකාර සාලිය තුෂාර රණවක නමැත්තා විසින් කර ඇතැයි කියන අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේ ය.
සැකකරු විසින් යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යන බවත්, එම යූ ටියුබ් නාළිකාව ඔස්සේ ප්‍රචාරය කරන ලද වීඩියෝවක් මගින් ලිංගික අඩන්තේට්ටම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය වෙත දන්වා සිටියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණය වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.
සාලිය යූටියුබ් එකෙන් ලිංගික අඩන්තේට්ටම් කළ බවට පැමිණිළි තියෙනවා – CID
2025-11-04T11:08:00+05:30
Gossip Lanka Hot News






