මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් පොලිස් අත් අඩංගුවෙන් පලා යයි… පොලිසියේ 02ක ගේ වැඩ තහනම්!
මත්ද්‍රව්‍ය සිද්ධියක ප්‍රධාන සැකකරු පලායාම නිසා යාපනයේ චුන්නාකම් පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය ඊයේ (3) සිට අත්හිටුවා තිබේ. යාපනයේ චුන්නාකම් පොලීසිය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ව මල්ලාකම් අධිකරණය වෙත රැගෙන් යමින් සිටියදී ප්‍රධාන සැකකරු පොලිස් බාරයෙන් මිදී පලා ගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරුවන් බාරයේ තබා ගෙන සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට නියෝග කොට තිබේ.
පොලිස් අත් අඩංගුවෙන් මිදී පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැත.
යාපනයේ චුන්නාකම් පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කොට තිබේ.
-දිනසේන රතුගමගේ
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් පොලිස් අත් අඩංගුවෙන් පලා යයි… පොලිසියේ 02ක ගේ වැඩ තහනම්!
2025-11-04T10:59:00+05:30
Gossip Lanka Hot News






