දිඹුලාගල යූටියුබ් ගුරුකම් හාමුදුරුවෝ අත්අඩංගුවට
යූ ටියුබ් හරහා යන්ත්‍ර මන්ත්‍ර සිදුකර දෙන බව පවසා දෙස් විදෙස් පුද්ගලයන් රවටා මුදල් වංචා කළ බව කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේ නමක මනම්පිටිය පොලිසිය විසින් පෙරේදා (02) අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල මුවන්පැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් අවස්ථා දෙකකදී කරන ලද පැමිණිලි අනුව පොලිසිය පැමිණිලිකරු සමග භික්‍ෂූන් වහන්සේ වැඩ සිටින දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත ගොස් මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පැවසේ.
එහිදී පොලිසිය ඉදිරිපිට පැමිණිලිකරුට භික්ෂූන් වහන්සේ විසින් පහරදී ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පැමිණිලිකරු මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ගන්නා බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න මහතා මාධ්‍යට පවසා ඇත.
ඒ අනුව පොලිසිය ඉදිරිපිටදී පැමිණිලිකරුට පහරදීම සම්බන්ධයෙන් බීමත්ව සිටි බව කියන භික්‍ෂූන් වහන්සේ අත්අඩංගුවට ගෙන ඊයේ (03) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මෙම භික්ෂුව දිගු කලක සිට තම යූටියුබ් නාළිකාව හරහා ආරක්‍ෂාව, රැකවරණය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මෙන්ම නිවාස ආරක්ෂාව, ඇතුළු ලෙඩ රෝග සුවකර දෙන බවට පවසා දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවද මූලික පරීක්‍ෂණවලින් හෙළිදරව් වී ඇත.
එලෙස රැවටීමට ලක් වූ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පසුගිය කාලය පුරා මෙම භික්‍ෂුව සොයා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණ තිබුණද එම අවස්ථාවේදී එම භික්ෂුව සැඟව සිට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පැවසූයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තමන් වහන්සේට මෙම භික්ෂුව සම්බන්ධ යෙන් දුරකථන පැමිණිලි විශාල ප්‍රමාණයක් දෛනිකව ලැබෙමින් ඇති බවයි.
එමෙන්ම මේ සම්බන්ධ තමන් අදාළ පොලිස් ස්ථාන සහ නිකායේ මහානායක ස්වාමින්වහන්සේ දැනුවත් කර ඇති බවද උන්වහසේ පැවසූහ.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිසරිකාරී බුද්ධික මනතුංගගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
දිඹුලාගල යූටියුබ් ගුරුකම් හාමුදුරුවෝ අත්අඩංගුවට
2025-11-04T12:00:00+05:30
Gossip Lanka Hot News






