gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පද්මේ ආයුධ ජාවාරමත් කරලා; කළු සල්ලි සුදුකලේ නිළියෝ?

කෙහෙල්බද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් සිදුකර ඇති බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අනාවරණ කරගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔහුගේ කළු සල්ලි ප්‍රසිද්ධ නිළියන් හරහා සුදු කර ඇති ද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බවය.
අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් කර ඇති බවට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට පසුගියදා තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අද උදෑසන පිස්තෝලයක් හා ජීව උණ්ඩ 13ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔහු කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවය.

තමන්ගෙන් කප්පම් ඉල්ලා හීනටියන මහේෂ් නම් අපරාධකරුගෙන් මරණ තර්ජන තිබූ බවත් පසුගිය වසරේදී ඔහු තමා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බවත් සැකකාර ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ පවසා තිබේ.

ඒ අනුව කෙහෙල්බද්දර පද්මේගෙන් ජීව උණ්ඩ 13ක් සමග පිස්තෝලයක් තමන් මිලදී ගත් බව සැකකරු පවසා ඇත.

පද්මේ ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක් පළමුව ඉල්ලා ඇති අතර අනතුරුව එහි මිල රුපියල් ලක්ෂ තුනහමාරක් දක්වා අඩු කළ බවත් සැකකරු පැවසූ බව පොලිසිය සඳහන් කළේය.

පසුව තමන් එය මිලදී ගත් බව සැකකරු පවසා ඇති අතර සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ සමග ඩුබායිහීදී ඡායාරූපයකට පෙනී සිටි ප්‍රසිද්ධ නිළියන් හය දෙනාගෙන් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, කෙහෙල්බද්දර පද්මේ එම නිළියන්ට මුදල් ලබාදී තිබේ ද යන්න පිළිබඳ විමර්ශන සිදුකරන බවය.

එමෙන්ම එම නිළියන් පද්මේගේ කළු සල්ලි සුදු කර තිබේ ද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එම මුදල් එම රංගන ශිල්පිනියන් විසින් විවිධ අයෝජන සඳහා යොමු කරනු ලැබුවේද යන්න පිළිබඳත් විමර්ශන ක්‍රියාත්මකය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka