gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හතරහමාර තෙක් පාසැල් කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීම් තිබෙනවා..- හරිනි

පාසල් වේලාව පස්වරු හතරයි තිහ දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි අධ්‍යාපන ඇමතිනී අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. ඇය මේ බව පැවසුවේ නැගෙනහිර පළාතේ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අධ්‍යාපන බලධාරීන් සමඟ මඩකලපුවේදී පැවැති සාකච්චාවකදීය.

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙම සාකච්ඡාව පැවැත්වින. 

පාසල් වේලාවන් සවස 2 දක්වා දීර්ඝ කිරීම ගැන ප්‍රශ්න කොතැනින්වත් මතුවී නොමැති බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. 

පුහුණු වීම්වලට සහභාගී වූ ගුරුවරුන් මෙම අලුත් ප්‍රතිසංස්කරණ ඉතාමත්ම ඉහළින් අගය කර ඇති අතර පැය භාගයකින් වේලාව වැඩි කිරීම සම්බන්ධයෙන් බිම් මට්ටමේ කිසිදු ප්‍රශ්නයක් මතුවී නැති බවද ඇය පැවසුවාය.

පාසල් වේලාව සවස හතර හමාර වෙනතුරු දීර්ඝ කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයිද ඇය එහිදී තව දුරටත් කියා සිටියාය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka