gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති සමන්ත හොරු කියා හෙලි කල ලයිස්තුවේ රන්ව්ලගේ බිරිද හා පුතාත්.. නි. ඇමතිවරයෙකුත්...

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ කෘෂිකර්ම නව්‍යකරණය සඳහා වෙන් කළ කෝටි ගණනක මුදල් මැති ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තුවේදී සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා කළ හෙළිදරව්වක් පිළිබඳව හිටපු පළාත් සභා ඇමති වරුණ රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ වැඩසටහනක් මගින් චෝදනා ඒල්ල කරයි. 
විද්‍යාරත්න මහතාට අනුව, මෙම ණය මුදල් හෝ ප්‍රදාන (කෝටි ගණන් වලින් යුක්ත) දේශපාලඥයන් විසින් බෙදාගෙන ඇති බව කියන මෙම ව්‍යාපෘතිය ලංකාවේ ක්‍රියාත්මක වූ හොඳම කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතිය ලෙස ලෝක බැංකුව පවා නම් කර ඇතැයි හෙ‌තෙම කියයි. 

මෙහි අරමුණ වූයේ කෘෂිකර්මාන්තයට අලුත් තාක්ෂණය (ග්‍රීන් හවුස්, හයිඩ්‍රොපොනික්ස්, වර්ටිකල් ඇග්‍රිකල්චර් වැනි) ගෙන ඒම සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය ව්‍යාපාරිකයන්ට ආධාර කිරීමයි. 

ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළ විට, ව්‍යවසායකයා රුපියල් කෝටියක් ආයෝජනය කරනවා නම්, රජය විසින් තවත් කෝටියක් ලබා දෙන අතර, මෙය ආපසු ගෙවිය යුතු නැති ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වී ඇත.ස

මන්ත විද්‍යාරත්න මහතා විසින් කරන ලද හෙළිදරව්වට අනුව, කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහෝදරයා වන බන්දුල (සුවඳ එන්ටප්‍රයිසස් හි හිමිකරු) විසින් රුපියල් ලක්ෂ 481ක් ලබා ගෙන ඇත.

මෙම දීර්ඝ ලයිස්තුවේ තවත් නම් කිහිපයක් හිටපු පළාත් සභා ඇමති වරුණ රාජපක්‍ෂ මහතා විසින් අනාවරණය කරන ලදී:

ආචාර්ය අශෝක රන්වලගේ බිරිඳ වන සුරවිරාරච්චිගේ ඉන්ද්‍රාණි රන්වල සහ පුත්‍රයා වන රන්වලා ආරච්චිකේ තුලිත සිහළින්ඳු රන්වල යන අයද මෙම ලැයිස්තුවේ සිටින බවට හෙළිදරව් විය. ඔවුන්ගේ ලිපිනය ලෙස අංක 28, කොළඹ පාර, බියගම ලෙස සඳහන් වී ඇත.

වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන එරංග වීරත්න මහතාද මෙහි ණයක් ලබාගෙන ඇති බවට සඳහන් වේ.

සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශය අනුව, අමරවීරගේ අයියා සල්ලි ගත් එක හොරකමක් නම්, ආචාර්ය රන්වලගේ බිරිඳ සහ පුතා ව්‍යාපෘති වාර්තා දමා සල්ලි ගැනීමද හොරකමක් බව ආචාර්ය රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

රාජපක්‍ෂ මහතා සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය විවේචනය කරමින් කියා සිටියේ, ඕනෑම හොඳ ව්‍යාපෘතියක් තුළ හොරු රිංගා ගේම් ගැසීමට ඉඩ ඇති බවයි. එසේම, ව්‍යාපෘතියකට ණයක් හෝ ප්‍රදානයක් ගෙන ඇති පුද්ගලයෙක් එම මුදල් නිසි පරිදි ව්‍යාපෘති සඳහා යොදවා තිබේද, සහ රජයේ මුදල් වලට අමතරව ඔවුන්ගේ පෞද්ගලික ආයෝජනය කර තිබේද යන්න අමාත්‍යාංශය විසින් පළමුව පරීක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අශෝක රන්වල එවකට දේශපාලඥයෙක් වූවත්, ඔහුට ව්‍යාපාරයක් කිරීමට නොහැකි කමක් නොමැති බවත්, ඔහු ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවේ තාක්ෂණික කරුණු තිබේ නම්, එය රජයෙන් අනුමත කිරීම සාධාරණ බවත්ය. එම නිසා, අමාත්‍යවරයා විසින් නිසි පරිදි කරුණු සොයා බලා චෝදනා ඉදිරිපත් කළ යුතු බවත් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka