gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති අනුරගේ ඉල් සමරු කතාව දුර්වල මෝඩ චූන් කතාවක්...- සමීප මිතුරාගෙන් තද දොස්

මෙවර ඉල්මහ විරු සමරු දිනයේදී ජනාධිපති අනුර දිසානායක මහතා සිදු කළේ දුර්වල මෝඩ චුන් කතාවක් බව බි‍්‍රතාන්‍යයේ සිටින මාධ්‍යවේදී උවිඳු කුරුකුළසූරිය මහතා සඳහන් කරයි. ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීප මිත්‍රයෙක් ලෙස සැලකෙන කුරුකුළසුරිය මහතා මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

අදාළ සම්පූර්ණ  සටහන  මෙසේය.

"අයවැය කතාව වගේමයි කට්ටිය අත්පුඩි ගැහැව්වට. වේගවත් කතාවක්. විජේවීර සහ 71 පරපුර, එදා තිබ්බ දේශපාලනය, ඒදා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමසමාජ/කොමියුනිස්ට්ස් පක්ෂ දරපු මතවලින් විජේවීර හදපු ජවිපෙ ඒ ඵෙතිහාසික සන්දර්භයේ තියල විග්‍රහ කලෙත් නැහැ. 

හිරෙන් නිදහස් වෙලා ඇවිත් 78 සිට 88/89 දක්වා ජවිපෙ කරපු දේශපාලනය ගැන අද හැරිල බලනකොට තත්ත්වය හරියට නූතන පරපුරට කියා දුන්නෙත් නැහැ. 

Gen Z පරපුරට කිසිම ආමන්ත්‍රණයක් කළේත් නැහැ. ක්‍රිස්තියානිකාරයො ක්‍රිස්තියානි කරනව වගේ, ඉන්න ජවිපෙ පාක්ෂිකයින්ටම චූන් කතාවක් උඩින් පල්ලෙන් දුන්නෙ. 

පාක්ෂිකයින්ට කතා කරන්න ඕනම නම් දොර වහගෙන කැමර නැතුව කතාකරන්න ඕන! තව ඉස්සරහට දේශපාලනය කරන්න හිතනව නම් ඊයෙ ලස්සන කතාවක් කරන්න තිබ්බ. පක්ෂ නායකය හැටියට සහ රටේම නායකය හැටියටනෙ කතාව දෙන්න ඕන. 

2023 අනුර ඊයෙ වගේ දවසෙ රාජ්‍ය බලය නැතුව කරපු කතාව කොච්චර ලස්සනද! අද එකයි, ඒකයි සසදල බලන්න. මේව පාක්ෂිකයින්ට අමතන කතා උනත් දැන් හැමෝම ඒව අහනව/අහන්න පුලුවන් කියන එකවත් ඔලුවෙ නැහැ අනුරගෙ. දුර්වල මෝඩ චූන් කතාවක්. අවස්ථාව ප්‍රයෝජනයට අරගත්තෙ නැහැ. ටිල්වින්ගෙ කතාව තාම අහන්න බැරි උනා. ඒකත් අද අහන්න ඕන"
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka