gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හාල් කිලෝ එකට රු. 65ක බද්දක් ගහන ගමන් ඩබල් කැබ්වලට බදු සහන… සීනි බදු වංචාව වගේ හත් අට ගුණයක දැවැන්ත වංචාවක්..!

ජනාධිපති අනුර දිසානායක මුදල් ඇමතිවරයා ලෙස සිය පක්ෂ කාඩරයට ඩබල් කැබ් මිලට ගැනීමට බදු සහන ලබා දීම මගින් සීනි බදු වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක් සිදුකර ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

ඩබල් කැබ්වලට සමාන පහසුකම් ඇති මෝටර් රථ සඳහා 200%ක බදු පනවා ඩබල් කැබ් ඉන් නිදහස් කිරීමෙන් අති විශාල බදු ආදායමක් රටට අහිමි වන බවත් සීනි බදු වංචාවට වංචාවට එරෙහිව අධිකරණයට දිව ගිය පිරිසම එය කිරීම කනගාටුවට කරුණක් බවත් ඔහු පෙන්වා දෙයි.

හාල් කිලෝවට රු. 65ක ද ලුනු කිලෝවට රු. 40ක ද ඩීසල් පෙට්‍රල් සඳහා රු. 100 සහ 120 බැගින් ද ජනතාවට බදු ගසන අතර පක්ෂය නඩත්තු කිරීම සඳහා ඩබල් කැබ් සඳහා බදු සහන ලබා දී ඇති බව ද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මෙම බදු සහන ඔස්සේ කැබ් රථයක් සඳහා රු. ලක්ෂ 400ක පමණ බදු සහනයක් හිමි වන බවත් එසේ නොවන්නට එම රථයක් ලක්ෂ 700ක් පමණ වන බවත් එම කැබ් කිහිපයක් රාජ්‍ය සේවකයන්ට ලබා දී ඉතිරි කැබ් පක්ෂ කාඩරයට බෙදා දෙනු ඇති බවත් පාඨලී චම්පික සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් අද (15) හෙතෙම මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka