gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අයවැයට ඡන්දය දුන් මනෝට අකරතැබ්බයක්

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම පක්ෂයේක්‍රියාකාරීන් පිරිසක් සජබ නායකත්වය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

මෙම ඉල්ලීමට හේතුව වී ඇත්තේ, අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ගනේෂන් මහතා අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීමයි.

ගනේෂන් මහතා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවට පොරොන්දු වී සිටි අතර, අනතුරුව ඊට පක්ෂව ඡන්දය දීම බරපතල විනය කඩකිරීමක් ලෙස මෙම ක්‍රියාකාරීන් පෙන්වා දෙති.

පසුගිය මැතිවරණයෙන් මන්ත්‍රීවරයා පරාජයට පත් වුවද, පක්ෂය විසින් ඔහු කෙරෙහි තැබූ සුවිශේෂී විශ්වාසය මත ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලැබූ බවත්, ඔහු එම විශ්වාසය බිඳ දමා ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොණ්ඩමන් සහ වී රාධ ක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka