ත්‍රි’මලේ සම්බෝධි විහාර බුදු පිළිමය ඉවත් කරන්න පොලිසිය පනී.. උණුසුම් තත්වයක්.. කිහිප දෙනෙක් රෝහලේ...
ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ අද අලුයම් කාලයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
ඒ එම විහාරස්ථානයට පොලිස් බල ඇති ඇතුළු වීමත් සමගයි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම විහාරස්ථානයේ තැබූ බුදු පිළිමයද පොලිසිය විසින් ඉවත් කිරීමට උත්සාහ දැරු බවය.
ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස් රැස්වී ඊට විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
එම විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ දරණ බවට ද ඔවුන් චෝදනා කරති.
එම විහාරස්ථානයේ හිමියන් සඳහන් කරන්නේ පූජා බිම භූමි ඔප්පුවක් යටතේ මෙම විහාරස්ථානය ස්ථාපිත කර ඇති බවයි.
-lankacnews
ත්‍රි’මලේ සම්බෝධි විහාර බුදු පිළිමය ඉවත් කරන්න පොලිසිය පනී.. උණුසුම් තත්වයක්.. කිහිප දෙනෙක් රෝහලේ...
2025-11-17T11:01:00+05:30
Gossip Lanka Hot News





