ආණ්ඩුව පාතාලය පෙන්වමින් විපක්ෂය මර්දනය කරනවා….! – රාජිත සේනාරත්න…
මත්ද්‍රව්‍ය හා පාතාලය ඉදිරියට පෙන්වමින් වත්මන් ආණ්ඩුව තිරය පිටුපස විපක්ෂයේ දේශපාලනය මර්දනය කරමින් සිටින බව හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. කළුතරදී පැවැති උත්සවයකින් අනතුරුව මධ්‍යයට අදහස් දක්වමින් මේ බව කීවේය.
මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම මාධ්‍ය සංදර්ශනයක් ලෙස ආණ්ඩුව සිදු කරමින් සිටින බවත් වසරක් ඇතුළත ආරක්ෂක අංශ විසින් අල්ලා ගනු ලැබූ මත්ද්‍රව්‍යවලට සිදුවූ දේ සම්බන්ධයෙන් පැහැදිලිතාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
ආණ්ඩුව පවසන පරිදි මෙරට මත්ද්‍රව්‍යවලින් සියයට 10ක් අල්ලා තිබෙන්නේ නම්, දිනපතා මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් වාර්තා නොවන බවත් හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.
පුනරුදය පිළිබඳ මහා ඝෝෂාවක් ඇති කරමින් පැමිණි ආණ්ඩුව මේ වන විටත් කිසිදු අංශයකින් පුනරුදයක් ඇති කිරීමට අසමත් වී ඇති බව ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුව පාතාලය පෙන්වමින් විපක්ෂය මර්දනය කරනවා….! – රාජිත සේනාරත්න…
2025-11-02T21:56:00+05:30
Gossip Lanka Hot News






