gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වව්නියාව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් හදිසියේ මිය යයි… නවක වදයේ තවත් බිල්ලක් දැයි සැකයක්!

වවුනියාව විශ්ව විද්‍යාලයේ නවක වධය දීමේ සිද්ධියක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුවෙකු 1 දා මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස් නිර්මාල් වික්‍රමදාස නමැති සිසුවාය.

වවුනියාව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඉගෙණුම ලබන මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ නවකවධය සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදීම   පවුලේ අය සමඟ තොරතුරු පැවසූ බවට පවුලේ ඥාතීහු කියති.

ඔහුගේ ඥාතීන් ඇතුළු හිතවත් පිරිස් චෝදනා කරන්නේ  නවක වධය දීමේ සිද්ධියකදී මොහුට අධික ලෙස මත්පැන් පානය කිරීමට දීම නිසා රෝගී තත්ත්වය උත්සන්න වී ඔහු  මියගිය බවය. ඒ බව එම වසරේ ඉගෙණුම ලබන සිසුන් පිරිසක් ද කියා සිටියහ.

නමුත් විශ්ව විද්‍යාල පාලන අධිකාරිය මෙම සිද්ධිය නවක වධය දීමේ සිද්ධියක් නිසා ඇති වු බව වසන් කිරීම පිණිස සාක්කි කීපයක් නිර්මාණය කොට ඇතැයි විශේෂ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වවුනියාව පූවරසන්කුලම පොලීසිය ප්‍රකාශ කළේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව මරණයට   හේතුව සොයා ගැනීමට හැකියාව ලැබෙන අතර ඉන් පසුව ඒ සම්බන්ධයෙන් රාජකාරී කටයුතු සිදු කරණ බවයි.

මියගිය සිසුවාගේ මළ සිරුර වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ.
-දිනසේන රතුගමගේ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka