gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාවික හමුදාවෙන් ඇල්ලූ ධීවර යාත්‍රාවේ කෝටි 500ක අයිස් – හෙරොයින්

ධීවරයෝ 6ක් අත්අඩංගුවට.. යාත්‍රාවේ හිමිකරුත් දින 7ක් රැඳවුම් භාරයට.. නාවික හමුදාව විසින් බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන පැමිණි බහුදින යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 500කට අධික අයිස් සහ හෙරොයින් තොගයක් ඊයේ (02දා) පෙරවරුවේ සොයාගෙන තිබිණි.

මෙරට බහුදින යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් බළකායට අයත් නාවික යාත්‍රාවක් දින ගණනාවක් බටහිර ගැඹුරු මුහුදේ අධීක්‍ෂණ රාජකාරියේ යෙදෙමින් ධීවරයන් 6 දෙනකු සමග සැකකටයුතු යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත. එම යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට ඊයේ රැගෙනවිත් සිදුකළ පරීක්‍ෂාවේදී උර 16 ක යොදා තිබූ හෙරොයින් සහ අයිස් කිලෝ 335 කට අධික ප්‍රමාණයක තොගය සොයාගෙන තිබුණි. අදාළ යාත්‍රාව හෙරොයින් කිලෝග්‍රෑම් 85 කට වැඩි ප්‍රමාණයක් ද අයිස් කිලෝග්‍රෑම් 250 කට වැඩි ප්‍රමාණයක් ද තිබී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවැසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන් පැමිණ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පරීක්‍ෂාවේදී එහි අයිස් සහ හෙරොයින් පවතින බවට තහවුරු කර ඇත. මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබූ බහුදින ධීවර යාත්‍රාව ගාල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති බවටත් එහි සිටින ධීවරයන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් ආරක්‍ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර එය තහවුරු කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය දැකබලා ගැනීම සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරුන් දික්ඕවිට වරාය පරිශ්‍රයට පැමිණ තිබුණි.

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, ගිනිඅවි ජාවාරම, පුද්ගල ජාවාරම් රටේ සිදුවූයේ දේශපාලකයන්ගේ අනුබලදීම් නිසා බවත් වත්මන් ආණ්ඩුවේ එවැනි අනුබලදීම් සිදුනොවන බවත්ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කළේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් කී ඒ මහතා “වැඩේට බැස්ස කියන්නේ අවසන් කරලාමයි පස්ස බලන්නේ” යනුවෙන් ද පැවැසීය. මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් සිදුකරන බවත් එයට මහජනතාවගේ මෙන්ම මාධ්‍යවල සහයෝගය ලබාදෙන ලෙසත් නි. ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

නාවික හමුදාව විසින් මේ වසරේ (2025 ඔක්තෝබර් 10දා) දක්වා හෙරොයින් කිලෝ 750ක්, අයිස් කිලෝ 1880ක්, හෂීස් කිලෝ 33ක්, ශාන්ද්‍ර කොළ කිලෝ 46,674ක්, මත්පෙති ලක්ෂ 17ක්, ගංජා කිලෝ 5500ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි දළ වටිනාකම රුපියල් මිලියන හාරලක්‍ෂ හයදහස් හාරසිය පනහකට වැඩි බව නාවික හමුදාව පවසයි.

මේ අතර මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ යාත්‍රාවේ හිමිකරු ද ඊයේ පොලිසිය මගින් ගාල්ලේදී අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝගයක් ද පොලිසිය මගින් ලබාගෙන තිබිණි.

චමින්ද සිල්වා සහ දුන්ගාල්පිටිය – ජූඩ් හෙට්ටිආරච්චි
-divaina
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka