gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතාලියේ ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර දෙන්න කැබිනට් අනුමැතිය

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ (24) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව එම කැබිනට් පත්‍රිකාවට ඊයේ දිනය තුළම අනුමැතිය හිමිවූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාව ඉතාලියේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව ඉතාලියේ රියදුරු බලපත්‍ර පිළිබඳ වගකියන ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත අතර එම කටයුතු මාස 2ක් තුළ සිදුකිරීමට සැලසුම් කර ඇති බව බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකිකයින් විසින් සිදුකළ ඉල්ලීම් සලකා බලා මෙම කැබිනට් පත්‍රිකාව සකස් කළ බව බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka