gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිල්ලි බෝම්බකරු වෛද්‍යවරයෙක්

නවදිල්ලි අගනුවර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතී. ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීමට හැකිවුණු බවත්, බෝම්බකරු මුස්ලිම් වෛද්‍යවරයකු බවත් ඉන්දීය ආරක්ෂක අංශ  සවස පැවැසීය.

මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත්තේ, ආරක්ෂක කැමරා දසුන් අනුවය. බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් නමැති වෛද්‍යවරයා බව ද ආරක්ෂක අංශ තහවුරු කරගෙන ඇත.

උමාර් මොහොමඩ්, 1989 පෙබරවාරි 24 වන දින උපත ලබා ඇති බවත් ජම්මු - කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති බවත් ආරක්ෂක අංශ අනාවරණය වැඩිදුරටත් පවසා ඇත.

පෙරේදා (10) රාත්‍රියේ පුපුරා ගිය එම කාර් බෝම්බ ප්‍රහාරයෙන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර 20 ක් තුවාල ලැබූහ. බෝම්බය පුපුරා ගියේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ මෙට්‍රො දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේය.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැති නමුත්, එය පාකිස්තාන රජයේ සහාය ලබන ජයිෂ් ඊ මොහොමද් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියේ ම්ලේච්ඡ ක්‍රියාවක් යැයි සැක කෙරේ. කාර් බෝම්බ ප්‍රහාරයෙන් පසු නවදිල්ලි අගනුවර පමණක් නොව, ඉන්දියාවේ සෙසු ප්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කර ඇතැයි ද පැවැසෙයි.

කාර් බෝම්බ පිපිරීමට පැය කීපයකට පෙර, ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වන බවට ලැබුනු තොරතුරු අනුව, අංශ ජම්මු - කාශ්මීරයේ සිදු කළ වැටලීම් කීපයකින්, ජයිෂ් ඊ මොහොමද් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ යැයි සැක පිට වෛද්‍යවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් විය. ඔවුන් දෙදෙනා වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් ය.

ප්‍රශ්න කිරීම්වලදී වෛද්‍ය රාදර් සහ වෛද්‍ය ෂකීල් දෙදෙනාගෙන් ලැබුණු තොරතුරු අනුව, නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් හර්යානා ප්‍රාන්තයේ ෆරීදාබාද් නගරයේ කුලී නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900ක් සොයා ගැනුණි.

වෛද්‍ය උමාර් මොහොමඩ් ද මොවුන්ගේ සගයකු යැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි. වෛද්‍ය රාදර් සහ වෛද්‍ය ෂකීල් අත්අඩංගුවට ගනිද්දී, වෛද්‍ය උමාර් මොහොමඩ් බියට සහ කලබලයට පත් වී, නවදිල්ලියට පැමිණ කාර් බෝම්බය පුපුරුවා ගන්න ඇතැයි ද පැවැසෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka