gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටේ මූල්‍ය ස්ථාවරත්වය වසරකින් අත්පත් කරගත්තේ ප්‍රාතිහාර්ය පාලා නෙමෙයි… රටේ මූල්‍ය විනය සහ කළමණාකරණය හරියට කරලා… නලින්ද රහස කියයි!

රටේ මූල්‍ය ස්ථාවරත්වය වසරක් තුළ අත්පත් කරගත්තේ ප්‍රාතිහාර්ය පා නොව, රටේ මුල්‍ය විනය හා කළමනාකරණය නිසි පරිදි පවත්වාගෙන යෑමෙන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඊයේ (08) අය වැය විවාදය ආණ්ඩු පක්ෂය පාර්ශවයෙන් අරඹමින්  ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ ද කීවේය.

“2019 තිබ්බ ආර්ථිකයට ලඟා වෙන්න අවුරුදු 10ක් යයි කිව්වා. 2048 කියන කැරට් අලේ පෙන්නලා තිබුණා. 2048 වෙනකම් පටි තද කරන් ඉන්න කිව්වා. මෙහෙම තිබ්බ  රටක් අපි භාරගත්තේ. ආර්ථියක පදනම් බිඳලා සුනු විසුනු කරලා තිබුණේ. ඒ වගේ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ.”

“ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දි ඡන්දය දුන්න ජනතාව මොන මට්ටමකින් අපි රටේ ආර්ථිකය ස්ථාවර කරනු ඇතැදැයි සියයට සියක විශ්වාසයකින් ඡන්දය දෙන්න නැතිව ඇති. ජනතාව දන්නේ ඔබතුමාලගේ කෙරුවාව.”
“ඒ නිසා බොහෝ දෙනෙක් දීලා බලමු කියලා දෙන්න ඇති. ඒ වසර ඇතුළේ දී අපට පුලුවන් වුනා ආර්ථිකය ස්ථාවර කරන්න. හර්ෂ ද සිල්වා මන්ත්‍රී තුමාට මේ අය – වැය පළමු කාවෙදි පිළිගන්න උනා ආර්ථිකය ස්ථාවර වුනා කියලා. ඒක නොකිය බැරිවුනානේ. ඔබතුමාට විතරක් නෙමෙයි ජාත්‍යාන්තර මූල්‍ය ආයතන සහ සංවිධානවලටත් අද පිළිගන්න වෙලා තියනවා ආර්ථිකය ස්ථාවරයි කියලා.”
“මේක වුනේ කොහොමද?. අපි ආණ්ඩුවක් අරන් අවුරුද්දක් තිබුණා. ජනාධිපතිවරයෙක් හිටියා. අය වැය දෙකක් ඉදිරිපත් කළා. අපි අමාත්‍යාංශවල වැඩ කරගෙන ගියා. මේක නිකම් ඕපපාතිකව සිද්ධ වුන දෙයක් නෙමෙයි.”

“ආර්ථිකය මේ තරම් කෙටි කාලයකින් ස්ථාවර වුනේ කොහොමද?. සමහර ජාත්‍යාන්තර ආයතන මෙන්ම සමහර අපේ රටේ ආර්ථික විද්‍යාඥයින් පවා පුරෝකථනය කළේ නෑ වසරක් ගතවන විට මෙවැනි ආකාරයේ ස්ථාවරත්වයක් රටේ ඇති වේවි කියලා.”
“සමහර ආර්ථික වර්ධන පුරෝකථනයන් තිබුණෙ ගොඩක් පහළින්. ඒ අය එහෙම කරන එක ගොඩාක් සාධාරණයි. ඒ අයට තිබුණේ පරණ ආණ්ඩු කෙරුවාවේ අත් දැකීම්.  නමුත් අපි  ඉලක්ක ඉක්මවා  ගිහින් තියනවා.  කොහොමද එහෙම වුනේ.”
“මෙතනදි මේකට බලපාපු ප්‍රධාන කරුණු දෙකක් තියනවා. එකක් රාජ්‍ය මූල්‍ය විනය. අනෙක  රාජ්‍ය මූල්‍ය කළමනාකරණය. මෙන්න මේ දෙක තමයි මේ රටේ මේ ආර්ථිකය ස්ථාවර කරන්න බලපාපු ප්‍රධාන සාධක දෙක.”

“එහෙම නැතිව අපේ ණය භාරගෙන ගෙවන්න කවුරුත් හිතුවේ නෑ. මම රට ගොඩගන්නම් කියලා කරන්න කෙනෙක් හිටියේ  නෑ. ප්‍රාතිහාර්ය කරන්න කෙනෙක් හිටියේ නෑ. වසරක් තුළ දි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් එය නිසි පරදි පවත්වාගෙන යෑමත් විසින් තමයි මෙම ප්‍රතිඵල අත් වුනේ.

ඒ නිසයි කියන්නේ. මේ  සථාවරත්වය අහම්බයක් නොවෙයි. මූල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය පවත්වා ගැනීමට විශේෂයෙන් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙසත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත්, රාජ්‍ය නායකයා ලෙසත් දුන් නායකත්වය සහ අපේ සාමුහික ප්‍රයත්නයක් ලෙස කරන දේ විසින් තමයි මේ ප්‍රතිඵලය අත්පත් කරගෙන තියෙන්නේ.

ඒ නිසා තමුන්නාසෙලා වෙන වෙන දේවල් කල්පනා කළාට  වැඩක් නෑ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka