gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ආපදාවක දී ගතහැකි මෝඩම තීන්දුව ගනී… රාජ්‍ය සේවකයන්ට නිවාඩු දී රාජ්‍යය වසා දමයි…!

ආපදාවක දී ආණ්ඩුවට ගත හැකි අමනෝඥම තීන්දුව රාජ්‍ය සේවයට නිවාඩු දීම බවත් වර්තමාන ආණ්ඩුව එම තීන්දුව ගෙන ඇති බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පහත දැක්වෙයි.

ආපදාවක දී රජයක් විසින් සිදු කළ හැකි ලොකුම අමන මරිමෝඩ තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
රාජ්‍යය වසා ඇත. නිලධාරීන්ට නිවාඩු දී ඇත. පාලකයෙකු ලෙස ද, නිලධාරියෙකු ලෙස ද, මාගේ අත්දැකීම නම් රාජ්‍යය කිසිදා අකර්මන්‍ය නොකළ යුතු බවකි.

දැන් හෙට ලක්ෂ 5 කට වැඩි රාජ්‍ය සේවකයින්ට නිවාඩුය. අත්‍යවශ්‍ය සේවා ගැසට් එක තවමත් අච්චු ගසා නැත. රාජ්‍ය සේවයේ කිසිම එකෙක් තමන් අත්‍යවශ්‍ය ද නැති ද යන්නේ නැත. රෝහල්වලට අතුලත් කරන ලෙඩ්ඩු මිය යමින් සිටින්නේ අත්‍යවශ්‍ය ඖෂධ නැතිවය.‍ ගෝස්, බැන්ඩේජ්, එන්සියුලීන් නැතිවය.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට තවමත් බලය දී නැත.
ප්‍රාදේශීය ලේකම්වරුන්ට හාල් පිටි පරිප්පු ගන්නට මුදල් ‍නිදහස් කර නැත. ඇත්තටම මේ වන විට රටේ රාජ්‍යයක් නැත. ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය සේවය මෙවැනි අගාධයකට දමා ඇත්තේ ඇයි?
හෙට එකෙකුවත් වැඩට පැමිණිය යුතු නැත. එතකොට මිනිස්සුන්ගේ අවශ්‍යතා බලන්නේ කවුද?
රතු තරුව නැත.

තුන් තුන් කෝටියක් දේවතාවුන් ද ෂුවර් නැත. අපදා කලමනාකරණයේ අත්පොතට අනුව විධායකය විසින් ඉටු කළ යුතු කරුණු දුසිමකි. එයින් 9 ක් තවම විධායකය විසින් ඉටු කර නැත. වැරදි කරමින් ඉගෙන ගන්නා ආණ්ඩුවට මෙයට වඩා වැරදිය නොහැකිය. මිනිසුන් මිය යමින් ඇත. පණ පිටින් වැලලෙමින් ඇත.

දැන් ආපදාවට දින 5 කි. ආණ්ඩුවේ වියදමින් අද දක්වා එකම පිසූ කෑම වේළක් ලබා දී නැත. මෙවැනි නරුම ව්‍යයසනයක් අප අත් දැක නැත. මේ ආණ්ඩුව පුරුදු වෙමින් සිටින්නේ ජනතාවගේ මිනී මතිනි.
ආපදා අවස්ථාවක දී රාජ්‍ය සේවය වසා දැමූ මුල්ම අවස්ථාව මෙයයි. දැන් දිසාපති, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි සහ පොලීසියට මිය යන මිනිසුන් හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා වල දැමීමට හැකිය. මේ වැනි මෝඩ පාලනයක් මිහිමත තිබුණේ නැත!

රජිත් කීර්ති තෙන්නකෝන්
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka