දඬුකඳේ ගහන්න ඕන ආචාර්ය රන්වල නෙමෙයි, නීතීඥ නාමල්…! – ඇමති වසන්ත සමරසිංහ….
අශෝක රන්වල ආචාර්ය උපාධියක් නොමැතිව එය භාවිත කිරීම සහ නාමල් රාජපක්ෂ සුදුසුකම් නොමැතිව නීති විද්‍යාලයට රිංගීම දෙකක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. අශෝක රන්වල ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ඔහුගේ වගකීම බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
එසේ නොමැතිව එම කාරණාව පදනම් කරගෙන අශෝක රන්වල දඬුකඳේ ගැසීමේ උවමනාවක් නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
අශෝක රන්වල දේශපාලනය කළේ ආචාර්ය උපාධිය පෙන්වා නොවන බවත් වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
සිරස වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.
දඬුකඳේ ගහන්න ඕන ආචාර්ය රන්වල නෙමෙයි, නීතීඥ නාමල්…! – ඇමති වසන්ත සමරසිංහ….
2025-11-28T12:00:00+05:30
Gossip Lanka Hot News






