gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

2016 පරදන ගංවතුරක් කොළඹට.. ගන්න හැකි දේ අරන් ඉවත් වෙන්න..- වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල්

2016 වසරේ කොළඹ ප්‍රදේශයට ඇතිවූ ගං වතුර තත්ත්වයට වඩා වැඩි ගං වතුර තත්ත්වයක් පවතින අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  හෙට රාත්‍රියේදී ඇතිවී හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් අජිත් ගුණසකර මහතා පවසයි. 
කැලනි ගඟ අවිස්සෙල්ලේ පිහිටි ජලමාපකයේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්, හෙට රාත්‍රියේ හෝ ඒ ආසන්න කාලයේදී කොළඹට 2016 ගං වතුරට වඩා වැඩි ප්‍රමාණයක ගං වතුරක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරල්වරයා සඳහන් කරයි.

මේ හේතුවෙන්, කොළඹ පදිංචි අයගේ අධ්‍යාපන සහතික සහ වාහන ලේඛන වැනි අයින් කරගන්න පුළුවන් දේවල් ඉවත් කරගැනීම සුදුසු බවටත් ඒ් මහතා උපදෙස් දෙයි.

රටේ වෙනත් ප්‍රදේශවලින් ද ජල ගැල්ම පිළිබඳ තොරතුරු වාර්තා වන අතර, ඉගිනිමිටිය සහ තබ්බෝව යන වැව් දෙක මේ වන විටත් වාන් දමමින් පවතී.

මෙම වැව් වාන් දැමීම හේතුවෙන්, පුත්තලම-අනුරාධපුර මාර්ගය යට වී ඇති අතර, එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති හෙයින් ළඟා වීමට නොහැකි ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

තවද, දැදුරුඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් බොහෝ දුරට හලාවත නගරය ජලයෙන් යට වීමටඉඩ ඇති බව ද ඔහු පැවසීය.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka